රටටම අවශ්‍ය සිංගල් සුපර් පොස්පේට් පොහොර නිපදවීමට දේශීය සමාගම් 04ක්
Related Articles
රටටම අවශ්‍ය සිංගල් සුපර් පොස්පේට් පොහොර නිපදවීම දේශීය සමාගම් 4 ක් ආරම්භ කළා.
වී වගාව හා අනෙකුත් භෝග වගාවට අවශ්‍ය පොස්පරස් ලබා ගැනීමට භාවිත කරන ත්‍රිත්ව සුපිරි පොහොර හෙවත් මඩ පොහොරවලට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් පොහොර ලබාදීම මේ වන විට අරම්භ කර තිබෙනවා. එප්පාවල රොක් පොස්පේට් යොදා ගනිමිනුයි මේවා නිෂ්පාදනය කෙරෙන්නේ.
මෙතෙක් එම පොහොර ආනයනය කෙරුණා. ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සදහා වාර්ෂිකව රුපියල් බිලියන තුනක පමණ මුදලක් වැය වනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිවුණා.