ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර
Related Articles
ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා.
ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශය හරහා ගුවන් ප්‍රහාර නලා හඩ අද උදෑසන සිට ඇසුනු අතර ටෙල්අවීව් ප්‍රදේශයට රොකට් ප්‍රහාර පතිත වී තිබෙනවා.
මධ්‍යම ඊශ්‍රායලයේ ගොඩනැගිල්ලකට රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් 70 හැවිරිදි කාන්තාවක් බරපතල තුවාල ලැබුවා. එමෙන්ම තවත් ස්ථානයකට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවා.
ඊශ්‍රායල ගිනි නිවීමේ භටයන් ප්‍රහාර සිදුවූ ස්ථානවල ඇතිවූ ගිනි ගැනීම් පාලනය කළා.