විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්
Related Articles
විදේශගත ශ්‍රී ලාංකිකයන් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
2023 වසරේ මුල් මාස 8 තුළ ඩොලර් මිලියන 3863ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී ඇති බවයි එම කාර්යාංශය සදහන් කරන්නේ.
2022 වසරේ මුල්මාස 8 තුළ ඩොලර් මිලියන 2215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එවා තිබෙනවා. එම වසරේ අදාළ කාලය හා සැසදීමේදී මේ වසරේ මුල්මාස 8 තුළ ප්‍රේෂණවල ඉහළ යාම සියයට 74.4ක් බවයි වාර්තා වන්නේ.