කොට සුපුන් පොලිස් වෙඩි පහරකින් මිය යයි
Related Articles
පසුගිය අගෝස්තු 25 වනදා තලංගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු වන කොට සුපුන් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදු කළ වෙඩි හුවමාරුකදී මිය ගියා.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.
වග ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම අතරතුර සැකකරු ටී 81 වර්ගයේ ස්වයංක්‍රීය අවියකින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.
එම නිලධාරීන් ද පෙරලා වෙඩි ප්‍රහාරයක් එල්ල කළා.
එහිදී තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.
සැකකරු රැඳී සිටි නිවස පරික්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක් යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩුවක් සොයා ගත්තා.