මග දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ගැන අධ්‍යයනය කරන්න කමිටුවක්
Related Articles
මහාමාර්ග දෙපස පිහිටි කඩා වැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳ වහා අධ්‍යයනයක් කර, මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා..
ඊයේ පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයා විසින් කඩිනමින් ප්‍රතිචාර දක්වමින් අපදා වැළැක්වීමේ පියවරක් ලෙසයි නිලධාරීන්ට මේ උපදෙස් දී තිබෙන්නේ.