වන්දි ගෙවා ඉවත් කිරීමට යන ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්
Related Articles
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764)ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා ප්‍රකාශ කළා.
වන්දි ලබා විශ්‍රාම යන සේවකයන් 1,417 ට වයස 55 ට වැඩි සේවකයන් 252 ක් සහ වයස 55 ට අඩු සේවකයන් 1,165 ක් ඇතුළත් බවත් භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදලින් එම ආයතන දෙකේ විශ්‍රාම ලැබූ, මියගිය සහ ඉල්ලා අස්වූ සේවකයන් 910 කට ව්‍යවස්ථාපිත ගෙවීම් කළ යුතු බවත් සභාපතිවරයා පවසනවා.
කොවිඩ් වසංගතය සහ රට ආර්ථික වශයෙන් කඩා වැටීම් ආදි හේතූන් නිසා එම සංස්ථාවේ සේවකයන් 1,800 කට පමණ රුපියල් කෝටි 14 ක් (මිලියන 140) පමණ වූ වැටුප් ගෙවීමටට නොහැකිව ගැටලු නිර්මාණය වූ බව කී නීතිඥා රත්නසිරි කළුපහන මහතා මෙම වන්දි යෝජනා ක්‍රමයෙන් සේවකයන් ඉවත්වීමෙන් පසුව සංස්ථාවේ වැටුප් පිරිවැය කෝටි 4 කට (මිලියන 40) අඩු වන බව ද සඳහන් කළා.
වන්දි යෝජනා ක්‍රමය ක්‍රියාත්ම කිරීමට රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සතු පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 17 ක ඉඩමක් විකිණීමට සැළසුම් කළ ද ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉඩම විකිණිම අත්හිටුවූ බවයි ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.