fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් ඉරාන කාන්තාව

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 18:08

නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් ඉරාන කාන්තාව

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී මහත්මිය 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙන් නාර්ගෙස් මොහම්මදී මහත්මියට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කර තිබෙනවා.

නාර්ගෙස් මොහම්මදී මහත්මිය කාන්තාවන් සහ මානව හිමිකම් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඇයට විශාල වන්දියක් ගෙවීමටද සිදුව තිබෙනවා.

මේ වන විට ඇයව 13 වතාවක් ඉරාන බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් අවස්ථා 5 කදී ඇය වරදකාරිය වී තිබේ.

ඒ සඳහා සම්පූර්ණයෙන් වසර 31 සිර දඬුවමක් සහ කස පහරවල් 154 ක් ඇයට ලැබී තිබුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්