ඉන්දියාවේ හදිසි ගංවතුරෙන් මියගිය හා අතුරුදන් වූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
Related Articles
ඉන්දියාවේ ඊසාන දිග සිකිම් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය හා අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය වාර්තා සදහන් කරන්නේ.
මේ වන විට සිද්ධියෙන් හමුදා සාමාජිකයන් විසිදෙදෙනෙකු ඇතුළු සියයකට අධික පිරිසක් අතුරුදන් වී සිටිනවා.
මේ නිසා අඛණ්ඩව මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන බවයි ඉන්දීය රජය පවසන්නේ.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉන්දීය බලධාරීන් පැවසුවේ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 19 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.
එහෙත් එම තත්ත්වය දැන් බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා.
කදුරක විලක් මත ඇති වූ වළාකුලු පිපිරීමක් හේතුවෙන් මෙම හදිසි ගංවතුර හට ගෙන තිබෙනවා.
අසල වේල්ලකින් ටීස්ටා ගගට ජලය මුදා හැරීමෙන් පසු ගංවතුර තත්ත්වය උග්‍ර වී තිබුණා.
දැනටමත් ප්‍රාන්තය පුරා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන අතර ඒ සදහා සිය ගණනක් නිලධාරීන් යොදවා තිබෙනවා.
උතුරු සියම් හි ලාචේන් සහ ලාචුන් හි බොහෝ පිරිසක් අතරමංව සිටිනවා.
මෙම තත්ත්වය හමුවේ විසි දෙදහසකට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා.
එමෙන්ම මේ වන විට ප්‍ර දේශයේ යටිතල පහසුකම්වලට ද විශාල හානියක් සිදුව තිබෙනවා.