යුක්‍රේනයේ ඊසාන දිග ගම්මානයක් වන හොර්සාහි සෑම පවුලක්ම දැඩි පීඩාවට
Related Articles
යුක්‍රේනයේ ඊසාන දිග ගම්මානයක් වන හොර්සාහි සෑම පවුලක්ම දැඩි පීඩාවට පත්ව ඇති බව යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.
පසුගියදා එම ගම්මානයට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 51 දෙනෙකුට දිවි අහිමිවුණා.
විදෙස් වාර්තා සදහන් කරන්නේ ගම්මානයේ ජනතාවගෙන් 5 න් එකක්ම මෙම ප්‍රහාරයන් මිය ගොස් ඇති බවයි.
යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කරනවා.
ඔවුන් පවසන්නේ ප්‍ර දේශයේ හමුදා ඉලක්ක නොමැති බවයි.
එහෙත් ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් රුසියාව සෘජුව අදහස් ප්‍රකාශ කර නැහැ.
එහෙත් රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ හොරාසා ගම්මානයේ පිහිටා ඇති කුප්යන්ස්ක් දිස්ත්‍රික්කයේ යුක්‍රේන ඉලක්ක වෙත ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර 20ක් එල්ලකර ඇති බවයි.