6 දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත්අඩංගුවට
Related Articles
6 දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීමට කොට්ටාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයට හැකි වුණා.
කොට්ටාව නගරයේ පිහිටි පෞද්ගලික ඇස් කන්නාඩි වෙළදසලකින් ඇස් කණ්නාඩි 890 ක් පමණ මොවුන් සොරකම් කර තිබෙනවා.
වෙළදසැලේ සීසීටීවී කැමරාවල ඔවුන් පැමිණෙන ආකාරය හා සොරකම් කරන ආකාරය පටිගත වී තිබුණා.
අඹුසැමියන් සමග එක්ව 6 දෙනෙකුගෙන් යුතු කල්ලියක් මෙම සොරකම් සිදු කර තිබුණා.
ඔවුන් තවත් ස්ථාන කිහිපයකම සොරකම් සිදු කර තිබෙනවා.
ඒ අනුව සොරාගත් රුපියල් කෝටි දෙකකට අධික භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.