fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොල්ලුපිටිය බස් අනතුරෙන් මියගිය අයට වන්දි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 12:56

කොල්ලුපිටිය බස් අනතුරෙන් මියගිය අයට වන්දි

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍යාධාරයක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා වීසින් ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා වෙත අදාළ උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ වන්දි මුදල් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට ගසක් කඩා වැටී අදාළ අනතුර සිදුව තිබුණා.

එම අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් යන මහත්වරුන් පැමිණ තිබුණි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්