මත්පෙති සමඟ කාන්තාවක් හිදෝගම පොලිස් වසමේ, පලයානකුලම ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (05) මෙම වැටලීමක් සිදුකර තිබෙන්නේ.
එහි දී Pregabalin Capsules 150mg ” වර්ගයේ නීතිවිරෝධි මත් කරල් කාඩ් 20ක් (කරල් 200 ක්)විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් උලපනේ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිදෝගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.