සිරියාවේ හමුදා ඇකඩමියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙම හමුදා ඇකඩමියේ පුහුණුව ලැබූ නිලධාරීන් විසිර යාමේ උපාධි ප්‍රදානෝත්සවයක් ඉලක්ක කරගෙනයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා කැඩේට් නිලධාරීන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට පතිත වී තිබෙනවා.
ඒ වන විට උපාධිධාරීන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයේ රැදී සිට තිබෙනවා.
ජාත්‍යන්තර බලවේගවල සහාය ලබන ත්‍රස්තවාදී කණ්ඩායම් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සිරියා හමුදා චෝදනා කරනවා. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිරියාවේ හෝම්ස් හි වයඹ දෙසින් විපක්ෂයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් බවට විශ්වාසය පල කෙරෙනවා.