fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 06:20

කොරියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මැතිනිය ඊයේ (ඔක්. 5) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවුණා.

කොරියානු තානාපතිවරයා සමඟ නවදිල්ලියේ පිහිටි කොරියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් (නාවික හමුදා) චෝයි යොන්ග්සොක් ද සහභාගී වුණා.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි කොරියානු තානාපතිවරයාව ජෙනරල් ගුණරත්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී දෙරට අතර, පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය සඳහා ඔවුන්ගේ කැපවීම යළි තහවුරු කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණා.

දෙරට අතර ඒකාබද්ධ යුද අභ්‍යාස, පුහුණු වැඩසටහන් සහ ආරක්‍ෂාවට අදාළ දැනුම හා තාක්‍ෂණය හුවමාරු කර ගැනීමේ විෂය පථය පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී සාකච්ඡාව කළා.

මෙම සාකච්ඡාව අවසානයේ ජෙනරල් ගුණරත්න සහ තානාපති ලී එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකළා.

මෙම හමුව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 06:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්