fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2023 13:52

පොළොන්නරුවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ වැඩිවීමක්

දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත මේ දිනවල විදෙස් සංචාරකයින්ගෙන් පිරීගොස් තිබෙනවා.

මේ අතර පොලොන්නරුව පුරවරයට විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණ සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

රුසියාව , ප්‍රංශය , නෙදර්ලන්තය , ඉන්දියාව ආදී රටවල්වලින් සංචාරකයින් රැසක් මේ දිනවල දිවයිනට පැමිණ සිටිනවා.

ඒ සමඟ පොලොන්නරුව පූජා භූමියේ තිබෙන ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොසින්.

රටට ඩොලර් අවැසි මොහොතක මෙවැනි සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පොලොන්නරුවට පැමිණීම නිසා එම දිස්ත්‍රික්කයේ සංචාරක කේෂ්ත්‍රයේ නියැළෙල ව්‍යවසායකයන්ගේ ද අතමිට සරු වී තිබෙනවා.

සංචාරකයින් ප්‍රකාශ කර සිටින්නේ සංචාරය සඳහා තෝරා ගත යුතු ලොව හොදම රට ශ්‍රී ලංකාව බවයි.

ආගන්තුක සත්කාර අතින් ඉහළ සුන්දර මිනිසුන් සිටින ලස්සන රටක් ලෙස ශ්‍රී ලංකාව ඔවුන් හදුන්වන්නේ මහත් සතුටින් යුතුවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2023 13:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්