fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළණගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘ඉමා’ අයිස් සමඟ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2023 10:09

කළණගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘ඉමා’ අයිස් සමඟ අත්අඩංගුවට

ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඉමා නමැති තරුණිය අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගැනුණා.

කළණ නැමැත්තා ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු ලෙසටයි හැදින්වෙන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව එඩේරමුල්ල, වත්තල යන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්.

ඇය ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයා ගැනුණා.

ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ කළණ නැමැත්තාගේ උපදෙස් පරිදි පසුගිය ජුලි මස 14 වනදා දුනුමාල ප්‍රදේශයේ වෙඩි තැබීමට හා අගෝස්තු 12 වනදා මීගමුවේ සිදු කළ වෙඩි තැබීමට අවශ්‍ය ගිනි අවිය ඇය රැගෙන ගොස් ඇති බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2023 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්