කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව
Related Articles
දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද සවස් කාලයේදී දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු විසින් ගැටුමක් ඇති කරගෙන තිබුණා.
මෙහිදී උප නියාමකවරයාට පහරදී ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රහාරය එල්ල කළ දුම්රිය ආරක්ෂක සේවයේ නියුතු සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලා නියාමක සංගමය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කොට තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීම සඳහා පැමිණ සිටි ජනතාව දැඩි පීඩාවට පත්වී තිබෙනවා.
මේ වන විට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව ලබාදී ඇති බවයි පැවසෙන්නේ.