AQUAFIESTA 2023 ලබන 7 සහ 8
Related Articles
මින් මැදුරු ක්ෂේත්‍රයේ ප්‍රවණතාවන් සඳහා සහාය ලබාදීම වෙනුවෙන් ඇක්වා ෆියෙස්ටා ප්‍රදර්ශනය ලබන 7 සහ 8 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මින් මැදුරු ක්ෂේත්‍රයේ නවතම නිෂ්පාදනයන්, නව තාක්ෂණය, නව ප්‍රවණතා, විශේෂ හා දුර්ලභ මත්ස්‍යයන් යනාදිය පිළිබඳ දැනුවත් කිරීම මෙහි අපේක්ෂාවයි.
දැනුම බෙදා ගනිමින් මින් මැදුරු කර්මාන්තය ඉහළ තලයකට ඔසවා තැබීම වෙනුවෙන් සහ ගැණුම්කරුවන්, විකුණුම්කරුවන් සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින් ඇක්වා ෆියෙස්ටා සංවිධාන කෙරෙනවා.
කාසල්වීදියේ තැප්ප්‍රොබේන් හි දී පැවැත්වෙන ප්‍රදර්ශනය හත්වනදා පෙරවරු 10 සිට පස්වරු 8 දක්වා සහ අටවනදා පෙරවරු 10 සිට සවස 6 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
සජීවී මාළු, සජීවී ශාක, මාළු ආහාර, පරීක්ෂණ කට්ටල, ටැංකි සදහා භාවිත කරන විදුලි බල්බ ඇතුළු මින් මැදුරු උපාංග සහිත ප්‍රදර්ශන කුටි මෙහි පිහිටුවා තිබෙනවා.
ඊට අමතරව අධ්‍යාපන කුටි, තොරතුරු මධ්‍යස්ථාන, ළමයින් සදහා විනෝද ක්‍රීඩා, සජීවී වෙන්දේසිද ප්‍රදර්ශනයට ඇතුළත් බවයි සංවිධායකයින් පවසන්නේ.