fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 09:52

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කරයි

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

ඇමෙරිකා ඉතිහාසයේ පළමුවරටයි කතානායකවරයෙකු ඡන්ද විමසීමකින් ඉවත් කෙරුණේ.

කතානායක කෙවින් මැකාති ඩිමොක්‍රටික් පක්ෂ යෝජනාවකට සහයෝගය දැක්වීම හේතුවෙන් ඔහුව ධුරයෙන් ඉවත් කළ යුතු බවට ට්‍රම්ප් හිතවාදියෙකු ලෙස සැලකෙන රිපබ්ලිකන් පක්ෂ සභික මැට් ගෙයිට්ස් යෝජනාවක් ගෙන ආවා.

පසුව ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 216ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 210ක් පමණයි.

කොංග්‍රසයේ පහළ නියෝජිත මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන් පක්ෂය සතුව පැවතීම හේතුවෙන් මෙලෙස ඔහුට විරුද්ධව ගෙන ආ යෝජනාව ජයග්‍රහනය කළා.

නව කතානායකයෙකු පත් කිරීමට මේ වනතෙක් රිපබ්ලිකන් පක්ෂය නමක් යෝජනා කර නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්