ශිෂ්‍යත්වය ඔක්තෝබර් මස 15 වනදා
Related Articles
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තැපැල් මගින් මේ වනවිට යොමුකර ඇති බවයි
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවැත්වෙනවා
මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට එම ලේඛනය https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් භාගත කරගැනීමේ හැකියාව පවතිනවා