fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩුආදායම්ලාභීන් සඳහා චීන රජයේ ආධාර යටතේ නිවාස ඒකක 1996ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 17:35

අඩුආදායම්ලාභීන් සඳහා චීන රජයේ ආධාර යටතේ නිවාස ඒකක 1996ක්

අඩුආදායම්ලාභීන් සඳහා චීන රජයේ ආධාර යටතේ නිවාස ඒකක 1996ක් ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

බස්නාහිර පළාතේ අඩුපහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන් සදහා නව නිවාස ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සදහා යුවාන් මිලියන 552ක මුල්‍යාධාර ලබාදීමට චීන රජය එකඟතාව පළ කළා. මේ යටතේ නිවාස ඒකක 1996ක් ඉදිකිරීමට නියමිතයි.

මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාල පීඨ විශ්වවිද්‍යාල මණ්ඩප බවට වැඩිදියුණු කරමින් අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. සමස්ත ගුරු ප්‍රජාවම උපාධිදාරීන් බවට පත්කිරීම මෙහි අරමුණයි.

එසේම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ක්‍රමවේදය කාර්යක්ෂම කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා ජාතික මෙහෙයුම් ස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

තවද වාණිජ කරුණු සම්බන්ධ දැනට පවතින අධික නඩු පරිමාණය කඩිනමින් විසදා අවසන් කිරීම සදහා නව වාණිජ මහාධිකරණයක් පිහිටුවීමට තීරණය කෙරුණා. එය කොළඹ 12 අධිකරණ මාවතේ අංක 80 දරණ ස්ථානයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබුණා.

දැනට භාවිත කරන රසායනික ද්රරව්යද කිහිපයක් නියාමනයට රජය තීරණ කර තිබෙනවා. නීත්යාරනූකූල කටයුතු සදහා යොදා ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය නීතිවිරෝධි ක්‍රියා සදහා ද යොදා ගැනීම වැළැක්වීම එහි අරමුණයි. නයිට්රාජන් අම්ලය / ක්ලෝරීන් / හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් / පොටෑසියම් සයනයිඩ් ආදී රසායනික ද්‍රව්‍ය කිහිපයක් ඒ අතර වනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්