නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීමට අනුමැතිය
Related Articles
නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
අධිකරණ ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ.
මේ අතර ජාතික ආරක්ෂාව සඳහා බලපානු ලබන රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව රසායනික ද්‍රව්‍ය අවභාවිත වීම වැලැක්වීම සඳහා ඒවා නියාමනය කිරීමට නීතිමය විධිවිධාන පැනවීමටත්, එකී නියාමන කාර්යභාරය රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය වෙත පැවරීමටත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.