හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් නැහැ – නීතිපති දැනුම් දෙයි
Related Articles
අරගලය පැවති සමයේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවූ බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
අරගලය පැවති සමයේ නිකුත් කළ එම හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික වී තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතීඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ එමගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවූ බවයි. රටතුළ ඇතිවූ හදිසි අවශ්ය්තාවක් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාට හදිසි නීති රෙගුලාසි පැනවීමට සිදුවූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
වැඩිදුර පෙත්සම් විභාගය ඔක්තෝම්බර් 11 වනදාට කල්තැබුණා.