fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර නවසීලන්ත අගමැතිට කොරෝනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 09:42

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර නවසීලන්ත අගමැතිට කොරෝනා

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා නිරෝධායනයට යොමුකර ඇති අතර ඔහු තම රාජකාරී කටයුතුවල නිරත වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.

නවසීලන්ත මහා මැතිවරණයට සති දෙකක පමණ කාලයක් තිබිය දී අග්‍රාමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වීම කම්කරු පක්ෂයේ පසුබෑමට හේතුවක් විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පැවති සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ කම්කරු පක්ෂය පසුකරමින් මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය ඉදිරියෙන් පසුවන බවයි.

කොරෝනා වෛරස ආසාදිතයෙකු නොවන බවට තහවුරු වු විගස මැතිවරණ ජයග්‍රාහණය වෙනුවෙන් දෙගුණයක වේගයෙන් වැඩකර කම්කරු පක්ෂය ජයග්‍රාහණය කරා රැගෙන යන බව අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්