fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය නිර්මාණකරුවන්ගේ හරිත රථ වාහන නිෂ්පාදන ප්‍රදර්ශනයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 05:43

දේශීය නිර්මාණකරුවන්ගේ හරිත රථ වාහන නිෂ්පාදන ප්‍රදර්ශනයක්

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන, ජනතාව අතර විද්‍යුත් වාහන වඩාත් ප්‍රචලිත කිරීමේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත් වුණා.

මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තෝරාගත් එක් ගමක් හරිත ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ සංකල්පය යටතේ හෝමාගම පිටිපන ප්‍රදේශය ඊට වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබෙනවා.

මේ වන විටත් NSBM හරිත සරසවිය මෙම ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.CINTECHආයතනය ඇතුලු තවත් ආයතන රැසක් පිහිටා තිබෙනවා. ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සපයන සියළු රථවාහන ක්‍රමානුකූලව විදුලියට පරිවර්තනය කළ යුතුය. ලංකාවේ ආයතන රැසක් මඟින් නිෂ්පාදනය කරන විදුලි පාපැදි ඇතුළු රථවාහන විශාල ප්‍රමාණයක් තිබෙනවා.

මෙම ප්‍රදේශයේ ආයතනවල කාර්ය මණ්ඩල සඳහා මෙම වාහන හඳුන්වාදීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාව පුරා ආයතන විස්සකට වැඩි ප්‍රමාණයක් විදුලි වාහන නිෂ්පාදනයේ නිරත වනවා.නමුත් රටේ බහුතර පිරිසකට මේ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් නැහැ.

කිලෝමීටරයකට ශත ගණනක පිරිවැයකට ධාවනය කළ හැකි විදුලි රථවාහන මේ වන විට ලංකාව තුළ නිෂ්පාදන වී තිබෙනවා. රටට ආදර්ශයක් ලෙස ප්‍රවාහන අමාත්‍යංශය හරිතකරණය කිරීමේ සංකල්පය යටතේ අමාත්‍යංශ නිලධාරීන්ටත් මෙම රථ වාහන භාවිතය හඳුන්වා දීමේ හැකියාව පවතිනවා.

මේ පිළිබඳව ජනතාවට වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණින් එළඹෙන 14 සහ 15 යන දිනවලදී පිටිපන ප්‍රදේශයේදී දේශීය නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් හරිත රථ වාහන පිළිබඳ ප්‍රදර්ශනයක් සංවිධාන කර තිබෙනවා.

එම ප්‍රදර්ශනය සඳහා මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය,කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඇතුළු සියලුම අමාත්‍යංශවල හා ආයතනවල තීරණ ගන්නා මට්ටමේ ඉහළ නිලධාරීන්ට මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම සඳහා ආරාධනා කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා හරිත සරසවිය, නැනෝ තාක්ෂණ ආයතනය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, ඇතුළු ප්‍රදේශ ආයතන වල දායකත්වය ද ලබා ගැනීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ විදුලි පාපැදි සහ යතුරුපැදි සහ අනෙකුත් වාහන නිෂ්පාදකයින් රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්ගේ අවධානයට යොමු කර විශේෂ සැසිවාරයක් පවත්වා වැඩිවන ඉන්ධන ගැටළුවට ඇති එකම විකල්පය වශයෙන් පවතින විදුලි රථ වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමයි.

මෙවැනි නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා රජය වශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය මෙම අවස්ථාවේදී ලබාදිය යුතුයි. බොහෝ විදේශීය රටවල් අනුගමනය කරන්නේද එම පිළිවෙතයි.

ශ්‍රී ලංකාව තුළ පවතින විශේෂත්වය වන්නේ මෙම රථවාහන නිෂ්පාදනය සඳහා කිසිදු උපාංගයක් විදේශවලින් ආනයනය කිරීමට අවශ්‍ය නොවීමයි.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය සංවිධානත්වයෙන් අනෙකුත් ආයතන වල ද දායකත්වයෙන් සහ සහයෝගයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළින් හරිත සංකල්පය වඩාත් ජනතාවට සමීප කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.”

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 05:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්