අද සුරාසැල් වැසේ
Related Articles
දිවයින පුරා සියලුම සුරාසැල් අද (03) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියා.
ලෝක අමධ්‍යප දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ .
එමෙන්ම යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍රලත් ස්ථාන සහ පුද්ගලයින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කෙරේ.