කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Related Articles
කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා.
කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , අද (02) දින උදෑ සන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 140 දක්වා ඉහල ගොස් ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල මට්ටම අඩි 108 දක්වා ඉහල ගොස් ඇති බවත් ජලාශයන් භාර ඉංජිනේරුවරුන් කියා සිටියා
ජලාශ දෙකේම ජල ධාරිතාව 90% දක්වා ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත්, පවතින අධික වර්ෂාව තව දින
කිහිපයක් පැවතිය හොත් එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බව ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළා