fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 13:32

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (02) දහවල් 12.30 සිට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එම නිවේදනයෙහි සඳහන්.

එමනිසා දකුණු පළාත සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්