fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් ගමන් වාර ප්‍රමාදය ගැන බලධාරීන් කරුණු විමසයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2023 12:06

ගුවන් ගමන් වාර ප්‍රමාදය ගැන බලධාරීන් කරුණු විමසයි

පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකා ගුවන්ගමන්වල සිදු වූ ප්‍රමාදය පිළිබඳ කරුණු විමසීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ගුවන්ගමන්වාර කිහිපයක් ප්‍රමාදවීම පසුගිය දින කිහිපයේ සිදු වුණා. මෙහිදී ගුවන් මගීන් දැඩි අසීරුතාවට පත් වූ අතර එම ප්‍රමාදයන් පිළිබද කරුණු විමසීම සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ සියලු පාර්ශ්ව කැඳවා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පරිපාලන අධිකාරිය ඇතුලු සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටිනවා.

මෙම සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ගණු ලබන තීරණ සම්බන්ධයෙන් නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයදැනුවත් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2023 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්