මෙක්සිකෝවේ දේවස්ථානයක සිදු වූ අනතුරින් මිය ගිය ගණන ඉහළට
Related Articles
මෙක්සිකෝවේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු පමණ සිරවී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා
Ciudad Madero හි Santa Cruz දේවස්ථානයේ වහලය කඩා වැටීමෙන් 49 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය දක්වා තිබෙනවා.
වෙරළබඩ ප්‍රාන්තයේ Tamaulipas හි පොලිසිය පැවසුවේ වහලය කඩා වැටෙන අවස්ථාවේ 100 දෙනෙකු පමණ පිරිසක් සිටි බවයි.
සිරවී සිටින අය අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ප්‍රාදේශීය මාධ්‍යවේදී ෆ්‍රෑන්ක් කොන්ට්‍රේරාස් බීබීසී ලෝක සේවයේ නිව්ස්ඩේ වැඩසටහනට පවසා ඇත්තේ වහලය කඩා වැටීම පල්ලියේ දේව මෙහෙයේ ප්‍රධාන මොහොතක සිදුවූ බවයි.