fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැස්ස නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පීඩා

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 11:04

වැස්ස නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පීඩා

හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමග බෙලිඅත්ත හා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ස්ථාන කිහිපයක ජලගැලීම් , මාර්ග අවහිරවීම් , නිවාස ජලයෙන් යටවීම් සිදුව තිබෙනවා.

සිටිනාමලුව මහ වැව පිටාර ගැලීම නිසා තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගය සිටිනාමලුව ප්‍රදේශයේ ගමනා ගමනයට බලපෑම් එල්ල වී තිබෙනවා.

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ නිවාස 100 ක් පමණ ජලයෙන් යටව ගොස් ඇති අතර කුඩාවැල්ල වාලුකාරාම විහාරයද ජලයෙන් යටවී තිබෙනවා.

පොලොම්මාරුව කණිෂ්ඨ විදුහල ජලයෙන් යටවීම නිසා අද (02) දින පාසල වසා ඇති බවද සඳහන්.

මාවැල්ල කුඩාවැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක කඳු කඩාවැටීම නිසා මාර්ගයේ ගමනාගමනය අපහසුවී ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්