fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියට බයේ කැලේ පැන්න දෙදරු පියෙක් ගසක් උඩ මරුට

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 10:09

පොලීසියට බයේ කැලේ පැන්න දෙදරු පියෙක් ගසක් උඩ මරුට

කහටගස්දිගිලිය සමාදිගම පුංචිහල්මිල්ල වැවහේන්යායක ගසක් උඩ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් කහටගස්දිගිලිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සීප්පුකුලම සමාධිගම පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා සහ තවත් ගම්වාසීන් පිරිසක් පෙරේදා දහවල් හක්ක පටස් වලට ගොදුරු වී මියගිය වල් ඌරෙකු මස් කරමින් සිටියදී එම ස්ථානයට පොලිසිය පැමිනෙණ බවට පුද්ගලයකු පැවසීම හේතුවෙන් එතැන සිටි පිරිස කැලෑවට දිවගොස් තිබෙනවා.

එම අවස්ථාවේ කැලෑවැදීමෙන් පසු අතුරුදහන්ව සිටි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් සොයා බලා ඇති අතර ඔහු පිළිබඳ තොරතුරක් නොමැති අවස්ථාවේ ගම්වාසීන් විසින් කහටගස්දිගිලිය පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ කහටගස්දිගිලිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම ගම්මානයට ගොස් සොයා බැලීමේදී ඊයේ සවස සමාධිගම පුංචි හම්මිල්ලවැව හේන් යායක ගසක් උඩ තිබී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි සඳහන් වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ES අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබනවා

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්