fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2023 09:43

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයන් 30 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ. සියුඩැඩ් මදේරෝ හි සැන්ටා කෲස් දේවස්ථානයේ වහලය කඩා වැටීමෙනුයි මෙම පිරිස අනතුරට ලක්වුණේ.

සිද්ධියෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාන්ත පොලිසිය පැවසුවේ කඩා වැටෙන අවස්ථාවේ 100 දෙනෙකු පමණ පිරිසක් සිටි බවයි. සිරවී සිටින අය අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2023 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්