fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ හදන අපේම ටිෂූ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 19:01

රටේ හදන අපේම ටිෂූ

රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දේශීය නිෂ්පාදකයෙකු ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ටිෂූ නිෂ්පාදනය ආරම්භ කළා.

නාලක ටිෂූ පේපර් නිෂ්පාදන සමාගම තම නිෂ්පාදන මෙසේ ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා. මුළුමනින්ම දේශීය නිෂ්පාදනයක් ලෙස මෙම ටිෂූ  වෙළදපොලට නිකුත් කිරීමටයි එම සමාගම කටයුතු යොදා ඇත්තේ.

හොරණ රත්මල්ගොඩ  පිහිටි කර්මාන්ත ශාලාවේ මේ වන විටත් ප්‍රතිචක්‍රීකරණය කරණ ලද කාඩ් බෝඩ් නිෂ්පාදන රැසක් වෙළදපොලට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

දේශීය වෙළදපොලෙහි මෙතෙක් ටිෂූ අලෙවිකිරීම සිදු වූයේ විදේශයන්ගෙන් ආනයනය කිරීම තුළින්. දේශීය කර්මාන්තශාලාවක් මෙරටදීම මුළුමනින්ම ටිෂූ නිෂ්පාදනය ආරම්භ කරමින් නාලක ටිෂූ පේපර වෙළදපොලට හදුන්වාදීම ඊයේ කොළඹදී සිදු කෙරුණේ ආයතනයේ සභාපති නාලක නිශ්ශංක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

රටේ මුදල් විදේශවලට ඇදීයාම වළක්වා දේශීය නිෂ්පාදනයට මුල් තැන් දෙමින් ලාංකිකත්වය ජාත්‍යන්තරයට ගෙන යෑම තම අරමුණ බව නාලක නිශ්ශංක පෙරේරා මහතා කියා සිටීයා.

වාර්ෂිකව කඩදාසි මෙට්‍රික් ටොන් 5000 ක් මෙරට ආනයනය කෙරෙන අතර ඒ සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 7.5 ක මුදලක් වැය කෙරෙනවා. ශ්‍රී ලංකාව අවශ්‍ය ටිෂූ ලංකාව තුල නිපදවීමෙන් එම මුදල රට තුලම ඉතිරි කරගත හැකි බවයි නාලක නිශ්ශංක මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44