fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනේෂ් චන්දිමාල් ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 16:25

දිනේෂ් චන්දිමාල් ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ලෝක ළමා දිනය යෙදෙන අද තමන් ක්‍රිකට් අත්පොත් තැබූ පාසලට කෘතගුණ දැක්වූවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන චන්දිමාල් තමන්ගේ පෞද්ගලි ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 200ක වියදමින් ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකර සිසු අයිතියට පත්කළා.

දිවාරාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි මෙම ක්‍රීඩාංගනය රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රීඩාංගනය ලෙස නම්කර තිබෙනවා.

මෙම ක්‍රීඩාංගනය ධර්මාශෝක විද්‍යාලයේ සිසුන්ට පමණක් නොව සහෝදර පාසල්වල දරුවන්ටද පරිහරණය කිරීමට අවස්ථාව සැලසෙන්නේ චන්දිමාල්ගේ විශේෂ ඉල්ලීමක් ලෙසයි.

යුද හමුදාපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකිරීම ද විශේෂත්වයක්. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සදහා සහාය ලබාදී තිබෙනවා.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ,  17න් පහළ කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළ චන්දිමාල් 2004 / 2005 වසර වලදී විද්‍යාලයීය මහා ක්‍රිකට් තරග සදහා ද ක්‍රීඩා කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්