fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ විශාලතම සාවද්‍ය තොරතුරු වාහකයා ඇමෙරිකාව බව චීනය පවසයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 14:45

ඉතිහාසයේ විශාලතම සාවද්‍ය තොරතුරු වාහකයා ඇමෙරිකාව බව චීනය පවසයි

ඉතිහාසයේ විශාලතම සාවද්‍ය තොරතුරු වාහකයා ඇමෙරිකාව බව චීනය පවසනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ ගෝලීය වශයෙන් වැරදි තොරතුරු පතුරුවා හැරීමට චීනය ඇමෙරිකා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශය මේ බව සදහන් කර සිටියා.

ඇමෙරිකා වාර්තාවේ අඩංගු කරුණු සම්පූර්ණ අසත්‍ය බව චීනය පවසනවා. සීතල යුද සමයේ සිට ප්‍රචාරක අරමුණු සදහා අල්ලස් ලබාදෙමින් ප්‍රවෘත්ති හැසිරවීමට ඇමෙරිකාව කටයුතු කරන බවයි චීනය පෙන්වා දෙන්නේ.

ඉරාකයේ හා සිරියාවේ යුද ගැටුම් ද ඇමෙරිකාවට වාසි සහගත වන ආකාරයෙන් ප්‍රචාරය කිරීමට මාධ්‍ය යොදාගන්නා බවයි චීනය පවසන්නේ.

එමෙන්ම අසත්‍ය තොරතුරු පතුරවනතාක්කල් ජය ගැනීමට හැකි වන බව ඇමෙරිකාව සිතුව ද ජනතාව ඇමෙරිකාවේ එම පිළිවෙත පිළිබද මනා අවබෝධයකින් සිටින බවයි චීනය තවදුරටත් සදහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 14:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්