විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නිපදවූ නිෂ්පාදන වැඩිදියුණු කරමින් වාණිජ නිෂ්පාදන ලෙස එළිදැක්වීමට කොළඹ විශ්වවිද්‍යාලය පියවර ගෙන තිබෙනවා.
බොහෝ විශ්වවිද්‍යාල තම පර්යේෂණ / පර්යේෂණවලට පමණක් සීමා කරන අවධියක ඒ සදහා වෙළදපොල වටිනාකමක් ලබාදීම විශේෂත්වයක්.
කොළඹ විශ්වවිද්‍යාල ලසහ වාණිජ නිෂ්පාදන ආයතන සම්බන්දීකරණය වෙනුවෙන් විශ්වවිද්‍යාලය තුළ වෙනම ඒකකයක් ද පිහිටුවා තිබෙනවා.
ඒ තුළින් පෞද්ගලික අංශය සමග හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින් නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකිවීම විශේෂත්වයක්.
එලෙස සම්බන්ධීකරණය කරමින් කොළඹ විශ්වවිද්‍යාල නිෂ්පාදනය කළ ඖෂධ සහ ආලේපන කීපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාලයට හිමි කතෘභාගය පිරිනැමීමේ උත්සවයක් පැවැත්වුණා.
පිළිකා සෛල නැසීමේ හැකියාවෙන් යුතු පෝෂක ඖෂධය කොළඹ විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කළ නිෂ්පාදන අතර ප්රමුඛ වනවා.
අකලට හිසකෙස් වැටීම / ජානමය තත්ත්වයන් හේතුවෙන් තට්ටය ඇතිවීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ ඖෂධය / සන්ධි ආශ්රිත වේදනා සහ කැක්කුම් සමනය සදහා නිෂ්පාදනය කළ ආලේපනය / අමතර මේදය බැහැර කිරීම සඳහා ඉවහල් වන ඖෂධය විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කළ ඖෂධ කීපයක්.