අනුරාධපුර – තන්තිරිමලය ප්රධාන මාර්ගයේ මානිංගමුව – ඔයාමඩුව ප්රදේශයේදී වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබියදී දළ ඇතෙකුගේ ප්රහාරයකට ලක් වී තිබෙනවා.
ඊයේ (30)රාත්රියේ සිදුවූ මෙම දළ ඇතාගේ ප්රහාරයෙන් එම බස් රථයට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙසේ ඇතාගේ ප්රහාරයට ලක් වූයේ මාතර ප්රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් රැගත් බස් රථයක්
ප්රදේශවාසීන් පවසන්නේ මෙම දළ ඇතා ප්රදේශයේ ජීවිත රැසක් බිලිගෙන ඇති බවයි.
මීට පෙරද මෙම ඇතා විසින් මාර්ගයේ ගමන් කරන වාහන වලට පහර දී ඇති බව ද ගම්වාසීන් පවසනවා.
මෙම ඇතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවයි ගම්වාසීන් කියා සිටියේ