fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහකාර රේගු අධිකාරීවරුන් 138 ක් බඳවා ගන්න විදිහ

hasiniek
By hasiniek ඔක්තෝබර් 1, 2023 10:45

සහකාර රේගු අධිකාරීවරුන් 138 ක් බඳවා ගන්න විදිහ

කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව විවෘත තරඟ විභායකින් සහකාර රේගු අධිකාරීවරුන් 138 දෙනෙකු සහ රේගු පරීක්ෂකවරුන් 45 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ පසුගිය වසර වන විට, දල දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ අඩුම ආදායම් ලබපු රටක් බවට අප රට පත්ව තිබූනද , ගිය වසරට සාපේක්ෂව මේ වසරේ රාජ්‍ය ආදායම 50 % කින් වැඩිකරගෙන තිබුණද එයද ප්‍රමාණවත් නොවන බවයි.

ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ඇතැයිද , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද පෙන්වා දුන් පරිදි පරිපාලනය ශක්තිමත් කිරීම , බදු නිදහස තරමක් අඩු කිරීම හා බදු පැහැර හැරීම සක්‍රීයව වැලැක්වීමට පියවර ගැනීම ආදිය සිදු කළ යුතු බවද සඳහන් කළ අමාත්‍යවරයා පැවසූයේ බදු පැහැර හැරීම වැනි කටයුතු සක්‍රීයව වැලැක්වීම ආදී කටයුතු වලදී මෙම නව තරුණ දක්ෂ නිලධාරීන්ගේ දායකත්වය ඉතා වැදගත් බවයි.

hasiniek
By hasiniek ඔක්තෝබර් 1, 2023 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්