මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යයි
Related Articles
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව ඊට හේතුවයි.
ජලාශය පිටාර මට්ටමට පැමිණිමට අද පෙරවරුව වන විට තවත් අඩි 10 ක් පමණ ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ.
මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 93800 ක් හා විශාලත්වය අක්කර 1790 ක් පමණ වේ.
පවතින අධික වර්ෂාවත් සමඟ මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.