හෙරෝයින් ළඟ තිබූ කාන්තාවක් STF අත්අඩංගුවට
Related Articles
රඹුක්කන පොලිස් වසමේ පරපේ හංදිය ප්‍රදේශයේ දී වැටලීමකදී හෙරෝයින් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, ජාවාරමේ යෙදීම යන වරද සඳහා කොස්ගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරෝයින් ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 800ක් ද සමග ඔහු අත්අඩංගුවට ගත් බවයි අදාළ නිලධාරීන් පැවසුවේ.
ඔහුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මීට අනුබල දුන් කොස්ගම ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා..