fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ළමුන් සහ වැඩිහිටියන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙනවා – ජනපති

hasiniek
By hasiniek ඔක්තෝබර් 1, 2023 09:08

ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ළමුන් සහ වැඩිහිටියන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙනවා – ජනපති

අප මේ ගත කරමින් සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක යුගයකි. එම අභියෝග මතින් මේ රටේ දරුවන්ට සුන්දර ළමා වියක් උරුම කර දීමට මෙන්ම රටේ සියලු දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අපි දැන් උර දී සිටින්නෙමු.

එසේම 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ගමන් මගෙහි නියමුවන් වන්නේ වත්මන් දරු පරපුරයි. ඊට සරිලන ලෙස දරුවන් නව තාක්ෂණ දැනුමෙන් හා හැකියාවන්ගෙන් සන්නද්ධ කරමින් අභියෝග භාරගත හැකි සමබර පෞර්ෂයකින් යුත් ඵලදායි පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට ද අප මේ වන විටත් පියවර ගෙන ඇත්තෙමු.

දියුණු ශ්‍රී ලංකාවේ අභිමානවත් කොටස්කරුවන් වීමට අද දවසේ නිසි ලෙස තම අධ්‍යාපන කටයුතුවල නිරතව අවශ්‍ය දැනුම ලබා ගැනීමට රටේ සියලු දරුවන් කැපවනු ඇතැයි මම විශ්වාස කරමි.

එසේම ජාත්‍යන්තර වැඩිහිටි දිනය ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස අප සමරන්නේ අනාදිමත් කාලයක් පුරා රැකගෙන ආ වටිනා ගුණධර්මයන් ලෝකය හමුවේ පිළිඹිබු කරමිනි.

ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ළමුන් සහ වැඩිහිටියන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවද සිහිපත් කරමින් සතුටින් පිරි ලෝක ළමා දිනයක් සහ වැඩිහිටි දිනයක් ප්‍රාර්ථනා කරමි.

 

 

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 සැප්තැම්බර් 26 වන දින

hasiniek
By hasiniek ඔක්තෝබර් 1, 2023 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්