fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 05:20

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ශ්‍රී ලංකාව අන්තර්ජාතික ළමා (හා වැඩිහිටි) දිනය සමරන අද ඔක්තෝබර් මස 01 දාි.

මෙම දිනය ළමයින් සැමරීමේ දිනය ලෙස අද දක්වා වර්ධනය වීම හා සම්බන්ධ ඉතිහාසයක් පවතී. එය මීට පෙර වසර 165 කට පෙර සිදුවීමකි.

මෙම දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසිනි. ඔහු 1857 දී මානව සමාජයේ පැවැත්ම සඳහා අනාගත සමාජයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේ ආචාර්ය චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසිනි. එම දිනය රෝස දිනය ලෙස ඔහු නම් කර තිබුණි.

තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය.

බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව 1950 ජූනි 01 දා සිට ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව වර්ෂයක් පාසා පැවැත්වීය.

එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට පත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස පළමු වැනිදා ළමයින්ගේ රැකවරණය හා ශුභ සිද්ධිය සැමරීමේ දිනය ලෙස සැමරීම සඳහා යොදා ගනු ලැබීය.

මෙම දිනය තවදුරටත් ශක්තිමත් වීම 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ළමා ප්‍රඥප්තිය සම්මත වීමත් සමග සිදුවිය.

ඒ අනුව අප රට තුළ රාජ්‍ය අනුග්‍රහය සහ යුනිසෙෆ් ආයතනයේ දායකත්වයෙන් විවිධ ළමා සුබසාධන සහ සංවර්ධන ක්‍රියාවලීන් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ළමා ප්‍රඥප්තියට අනුකූලව දරුවන්ගේ ස්වයං විනය හා ශික්ෂණය වර්ධනය කිරීම සඳහා මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමේ පර්ෂදය විසින් විශේෂයෙන් ම කාලීන වශයෙන් වර්තමාන සමාජයට ඉතාම වැදගත් ක්‍රියාවලියකට ශ්‍රී ලාංකික දරුවන් යොමුකිරීමට උත්සාහ ගැනීම අද දින ආරම්භ වේ.

මෙවර ළමා දින තේමාව වන්නේ ‘ සියල්ලටම වඩා දරුවන් වටී’ යන්නය.

වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 05:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්