ජනපති සහ ජර්මනියේ ෆෙඩ්‍රික් ඊබට් ස්ටිෆ්ටුන්ග් හි සභාපති අතර හමුවක්
Related Articles
ජර්මනියේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වුණා.
ෆෙඩ්‍රික් ඊබට් ස්ටිෆ්ටුන්ග් හි සභාපති මාර්ටින් ශුල්ස් මහතා අතර හමුවක් පැවැත්වුණා. ඒ ජර්මනියේ බර්ලින් නුවරදීයි.
ශ්‍රී ලංකාවට වැදගත් කරුණු රැසක් පිළිබද මාර්ටින් ශුල්ස් මහතා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කර තිබෙනවා.
එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර් එච් එස් සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ද මේ සදහා එක්ව සිටියා.