fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුලතිව් දිසා විනිසුරුගේ ඉවත්වීම ගැන පුළුල් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 18:16

මුලතිව් දිසා විනිසුරුගේ ඉවත්වීම ගැන පුළුල් පරීක්ෂණ

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී සරවනරාජා මහතාට ජිවිත තර්ජන ඇති බව පවසමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ පිළිබඳ විදිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී සරවනරාජා මහතා ධුරයෙන් ඉල්ලා අස්වෙන බව සදහන් කරමින් පසුගිය 23 වනදා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබුණා. පසුගිය කාලයේ දැඩි කතා බහට ලක්වු නඩු කිහිපයක් විභාග කළේ ටී සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේයි.

මුලතිව් කුරුන්දි විහාර නඩුව කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් හමුවීම වැනි අධිකරණ කාරණාවලදී විනිසුරුවරයෙක් ලෙස ඔහු කටයුතු කළා. අස්වීමේ ලිපිය ලබාදීමෙන් අනතුරුව ඒ මහතා විදෙස් ගතව ඇති බව ද වාර්තා වනවා.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවරයාගේ ප්‍රකාශ පදනම් කර ගනිමින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අප කළ විමසීමක දී සදහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම්වරයා ද උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ. ටී සරවනරාජා විනිසුරුවරයා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවයි. විනිසුරුවරයාගේ ක්‍රියා කලාපය අනුමත නොකරන බව ද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්