ගංජා ප්‍රවාහන කළ සජබ මන්ත්‍රී ආරක්ෂකයා පොලිස් දැළේ
Related Articles
ගංජා ග්‍රෑම් 810ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු ප්‍රභූ ආරක්ෂක අංශයට අයත් නිලධාරියෙකු බවයි පොලිසිය පවසන්නේ.
මෙම පොලිස් නිලධාරියා සමගි ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු බව ද හෙළිවී තිබෙනවා.
ඔහු කලක් තිස්සේ ගංජා ජාවාරම් සිදුකරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණ තොරතුරකට අනුව ඔක්කම්පිටිය පොලිසිය මගින් මෙම වැටලීම සිදු කෙරුණා. මාලිගාවිල දෙස සිට ඔක්කම්පිටිය දෙසට ත්‍රී රෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට පත්වුණේ.
ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.