fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොසෝවේ දේශසීමාවේ රඳවා සිටින හමුදා කණ්ඩ ඉවත් කරගන්නැයි ඇමෙරිකාව සර්බියාවෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 10:32

කොසෝවේ දේශසීමාවේ රඳවා සිටින හමුදා කණ්ඩ ඉවත් කරගන්නැයි ඇමෙරිකාව සර්බියාවෙන් ඉල්ලයි

කොසෝවේ දේශසීමාවේ රඳවා සිටින විශාල හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා ලෙස ඇමෙරිකාව සර්බියාවෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය මාස කිහිපයේ සිට කොසෝවෝහි සුළුතර වාර්ගික සර්බියානු සහ බහුතර ඇල්බේනියානු ප්‍රජාව අතර ගැටුම් ඉහළ ගොස් තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය සදහන් කරන්නේ එහි සිටින නේටෝ සාම සාධක හමුදාව සමඟ එක්වීමට තම හමුදාවද යොමු කරන බවයි.

පසුගිය ඉරිදා මෙම කලාපයේ උතුරු ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් හතර දෙනෙකු මිය ගියා.

ඉන් අනතුරුව හමුදා බලය වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර ධවල මන්දිර ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි සදහන් කළේ නවීන යුද ටැංකි හා කාලතුවක්කු ඇතුළු විශාල හමුදා බලයක් යෙදවීම අස්ථාවර බවයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ට දුරකතන ඇමතුමක් ලබා දී ප්‍රකාශ කර ඇත්තේ වහාම මෙම ක්‍රියාව නවත්වන ලෙසයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්