5000 ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කදවුරේ නිලධාරීන් පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදීයි මෙම ව්‍යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර දීර්ඝ කාලයක සිට ත්‍රී රෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ පුද්ගලයෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
එම බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් සැකකරු ලග තිබි සොයා ගත්තා.