පාසල් දැරියකට ලිංගික අතවර කළ සිවිල් ආරක්ෂක කමිටු උප ලේකම්වරයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 05:55

පාසල් දැරියකට ලිංගික අතවර කළ සිවිල් ආරක්ෂක කමිටු උප ලේකම්වරයෙකු අත්අඩංගුවට

අවුරුදු 6ක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 68 හැවිරිදි වියේ පසු වන එක් දරු පියෙක්.

මෙම සැකකරු වසර ගණනාවක් තිස්සේඔහු පදිංචිව සිටින ප්‍රදේශයේපිහිටි සිවිල් ආරක්ෂක කමිටුවේ උප ලේකම් ධුරය දරා මෑතකදී නිලවරණයේදී එම තනතුර අහිමි වී ගිය අයෙක්  බවයි පැවසෙන්නේ.

බාල වයස්කාර දැරියගේ මව  සිදු කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගෙන් ද  ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පුද්ගලයා අසල්වැසි නිවසක පදිංචිව සිටිනදැරියගේ නිවසට පැමිණ මෙම දැරියට ලිංගික අතවර සිදුකර තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබෙනවා.

කුරුණෑගල කොට්ඨාසය බාර භාර ජේෂ්ඨ  පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී අතුල කරුණාපාල යන මහත්වරුන්ගේ උපදෙස් මත මාවතගම වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එම්. ඒ. දසනායක මහතාගේ මෙහෙයවීම මත  එම පොලීසියේම ළමා හා කාන්තා කාර්යාංශයේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති  පුෂ්පලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන්උප පොලිස් පරීක්ෂක ජයරත්න, පොලිස් සැරයන් වීරසේකර(39345),පොලිස් කොස්තාපල් ඒකනායක (34731)යන මහත්තුරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් වෙලගෙදර (10410) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 05:55