fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇස් රෝගයක් නිසා වැසුනු පාකිස්ථානයේ පාසැල්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2023 20:39

ඇස් රෝගයක් නිසා වැසුනු පාකිස්ථානයේ පාසැල්

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පැතිර යන ඇස් රෝගයක් හේතුවෙන් පාසල් 56,000 කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා.

ප්‍රාන්තයේ සිසුන් අතර පින්ක් අයි හෙවත් ඇසෙහි ඇතිවන තද රතු පැහැය සහිත ආසාදන තත්ත්වයක් පැතිර යන බවයි වාර්තා වන්නේ.

එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ අපිරිසිදු දෑත්වලින් ඇස් ස්පර්ශ කිරීම හේතුවෙන් මෙම රෝගය පැතිර යන බවයි.

මෙම රෝගය කර්මාන්තශාලා සහ වෙළඳපොළ වැනි ජනාකීර්ණ ස්ථානවල දී සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව පැවසෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පාසල් යළි විවෘත කිරීමෙන් පසු ගේට්ටු අසල දී ඔවුන්ගේ ඇස් පරික්ෂා කිරීමටද කටයුතු යොදා ඇති බවයි.

වසර ආරම්භයේ සිට මේ දක්වා පාකිස්ථානයෙන් තුන්ලක්ෂ 57,000කට අධික පිරිසකට මෙය ආසාදනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2023 20:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්